ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඇමරිකානු ඩොලර් මිලියන 300 ක සහනදායි ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ පැවති නියෝජිතයින්ගේ රැස්වීමකින් පසු ශ්‍රී ලංකාවට මෙම ණය මුදල හිමිව තිබේ.
IDA යනු සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනදායී ණය ලබා දෙන මූල්‍ය පහසුකම් ලබාදෙන ලෝක බැංකුවේම ආයතනයකි. එසේම මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක (MIC) තත්ත්වයෙන් අඩු ආදායම්ලාභී රටක (LIC) තත්ත්වයට තාවකාලිකව පහත හෙළීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ඉල්ලීම IDA විසින් සමාලෝචනය කර තිබේ.
මෙය සිදුකිරීම මගින් ශ්‍රී ලංකාවට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට අවස්ථාව උදා වෙයි.
සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි