ලෝක බැංකුවෙන් ඩො.මි. 600ක් දක්වා මූල්‍ය පහසුකමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම තෙක් වූ කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම වෙනුවෙන් ලෝක බැංකුව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව සති දෙකේ සිට මාස 4ක් දක්වා වූ කාලයක් තුළ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 600ක් දක්වා වූ ප්‍රමාණයක් ලබාදීමට නියමිත බවද ඔහු පැවැසීය.
මෙම මුදල් දරිද්‍රතාව යෙන් පෙළෙන හා වඩාත්ම පීඩාවට පත්වූ ජනතාවට සහන ලබාදිම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බවද මුදල් අමාත්‍යවරයා පැවැසීය.
මිට අමතරව ආසියානු සංවර්ධන බැංකුව සමගද මුදල් පහසුකමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනිම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 500ක් ලබාදීමට එකඟ වී ඇති බවද ඔහු පැවැසීය.
ඊට අමතරව තවත් ඩොලර් බිලියනයක් ඉන්දියාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට 2020දී කළ බදු අඩු කිරීමද හේතුවක් වූ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
samson de silva Saturday, 23 April 2022 07:59 AM
Rajapaksalaata ahenna kiyanna epaa. Thalu maramin inne ekenuth kotasakata kelinna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

