ලෝක බලවතෙකුට තවත් බලවතෙකුගෙන් සුභ පැතුම්
රුසියාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ ව්ලැදිමිර් පුටින් මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (18) යොමුකෙරිණ.
රුසියානු ජනතාව මෑත වසරවල දී අභියෝග ජයගනිමින්, ජාතික සංවර්ධන මාවතේ ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ෂී ජින් පිං මහතා කියා සිටී. පුටින් මහතා රුසියානු ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත්වීමෙන් එරට ජනතාව ඔහුට දක්වන සහයෝගය මනාව පිළිබිඹු වෙයි. එසේම, පුටින් මහතාගේ නායකත්වය යටතේ රුසියාව ජාතික සංවර්ධනය අතින් සුවිසල් ජයග්රහණ අත්කර ගනු ඇති බවට ද ෂී ජින් පිං මහතා විශ්වාසය පළ කරයි.
චීන-රුසියානු සබඳතා වර්ධනය චීනය ප්රමුඛ අවධානයක් යොමුකරන කරුණකි. රුසියාව සමග සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යමින්, දෙරට ජනතාවට ප්රතිලාභ සැලසෙන නවයුගයක් උදෙසා ද්විපාර්ශ්වික සම්බන්ධතාව ප්රශස්ත ලෙස තර කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා තම පණිවුඩයෙන් කියාසිටී.
අරෝෂා සමරදිවාකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

