ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළ බවත් බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම දරු උපත සිදුවී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර බව ද වැඩිදුරටත් වාර්තා වේ.
ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15ක් ගතවන බවත් බිලියන 10ක් වීමට 2080 පමණ විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.