ලෝක ආහාර වැඩසටහනින් ආහාර සහනාධාර - මන්දපෝෂණය පිටුදැකීමට හා ස්වභාවික ආපදාවලට
ලෝක ආහාර වැඩසටහන විසින් දිගුකාලීන සහන සහ ප්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන මගින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා රාමුව යටතේ (2013-2017) ආහාර සහනාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ ළමයින්ගේ සමබල වැඩීමෙහි වැදගත්කම මැනවින් හඳුනාගෙන ඇති බැවින් ළමයින්ගේ සහ කිරිදෙන මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය ලෝක ආහාර සංවිධානය සමග එක්ව ඵලදායී ලෙස කටයුතු කිරීමේ පියවරක් ලෙස මෙය හැඳින්වෙයි.
ආහාර සුරක්ෂිතභාවය වැඩිදියුණු කිරීම තුළින් මාස 6 - 59 වයස් කාණ්ඩයේ ළමයින්, ගැබිණි කාන්තාවන්ගේ හා කිරිදෙන මවුවරුන්ගේ මන්දපෝෂණ තත්ත්වයට පිළියම් යෙදීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වන අතර, නියඟය, ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්ත්වයන්හිදී සහයෝගය සැපයීමටද මෙම වැඩසටහන තුළින් අපෙක්ෂා කරනු ලබන බව පෙන්වා දෙයි.
මේ සඳහා ශ්‍රී ලංකා රජය සහ ලෝක ආහාර වැඩසටහන අතර අවබෝධතා ගිවිසුම පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින්ද, ලෝක ආහාර වැඩසටහන වෙනුවෙන් ඉස්මයිල් ඕමාර් මහතා විසින්ද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් කළ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

