ලෝකයේ රටවල් සියයට 25ක් තුළවත් ශ්‍රී ලංකාවේ මෙන් නිදහස් අධ්‍යාපනයක් නොමැති බවත්, තමා සමග සාකච්ඡා පැවැත් වූ රටවල් පහකවත් නිදහස් අධ්‍යාපනය නොතිබුණ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික මහා සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව ඊයේ (26දා) ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මම රටවල් කිහිපයකින්ම ඇසුවා, එම රටවල්වල නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති ගැන. එම රටවල්වලින් අපේ රටේ වගේ පළවන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් නිදහස් අධ්‍යාපනය දෙන රටවල් පහක් මට හඳුනාගන්න බැරි වුණා. බොහෝ රටවල් සඳහන් කළේ, නිදහස් අධ්‍යාපනය ඔවුන් සීමා කර තිබෙන්නේ වයස් සීමාව අනුව බවයි. සමර රටවල්වල වයස අවුරුදු හතර වන තෙක් නිදහස් අධ්‍යාපනය දෙනවා. සමහර රටවල්වල වයස අවුරුදු අට වන තෙක් නිදහස් අධ්‍යාපනය දෙනවා. සමහර රටවල්වල වයස අවුරුදු පහළොව වන තෙක් නිදහස් අධ්‍යාපනය දෙනවා.
එම සමුළුවේ තොරතුරුත්, ඉන් බාහිර මම දන්නා තොරතුරුත් අනුව ලෝකයේ තිබෙන රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් තුළ අපි වගේ සම්පූර්ණයෙන් පළවන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටවල් 25%ක් නැහැ.
අයවැය පරතරය, වාර්ෂිකව අමාත්‍යාංශවල වෙන් කරන මුදල් වැඩි කර ගැනීම්, වෙනත් විවිධ අංශ සඳහා වාර්ෂිකව දෙන පහසුකම් සේ සියලූ දේ සමග අපි සිතිය යුතු වෙනවා අපිට තිබෙන අභියෝග මොනවාද කියා.
ඉන් මා අදහස් කරන්නේ නිදහස් අධ්‍යාපනය සඳහා වැට බැඳීමක් හෝ එම වරප්‍රසාදය දරුවන්ට අහිමි කිරීමක් නොවේ. නමුත් වෙනත් ක්ෂේත්‍ර සඳහා අප කරන වියදම් තත්ත්වයන් අප කවුරුත් හඳුනනවා වගේම අප විසින් ඒවා සැලකිල්ලට ගෙන සාමූහික ප්රයත්නයක් තුළ එම අභියෝගයන්ට මුහුණදිය යුතු වෙනවා.” යැයි පැවසීය.