ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති විරෝධතාවට එක්වූ ජනප්රිය නිළි සංජීවනී වීරසිංහ මහත්මියට විරෝධතාකරුවන්ගෙන් දැඩි බාධා එල්ලවිය.
පසුගිය ජනපතිවරණ සමයේදී ඇය වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට කටයුතු කළාය.
විරෝධතාවට එක්වූ විරෝධතාකරුවන් ඇයට විරෝධය දක්වමින් අදාළ ස්ථානයෙන් පිටව යන ලෙස දැනුම් දුන් අතර තවත් පිරිසක් ඇයට හූ කියා සියා විරෝධය ප්රකාශ කළේය.
