ලොව විශාලතම දෙවන භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන අන්ටනොවූ 124 ( antonov-124 ) ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද (16) වනදා ගොඩ බස්වා තිබේ.
ටර්ක්මෙනිස්ථානයේ සිට 16 වනදා උදෑසන 10.07ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇති මෙම ගුවන්යානයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල විවේකය සඳහාත් තෙල් ලබා ගැනීම සඳහාත් මෙසේ ගොඩ බස්වා තිබේ.
17 වනදා රාත්‍රි නැවත ඔස්ට්‍රේලියාව බලා මෙම ගුවන්යානය පිටවීමට නියමිත බව මත්තල ගුවන්තොටුපළ කළමනාකාරිත්වය පවසා සිටි.
හම්බන්තොට - රාහුල් සමන්ත
