පානදුර ගාලුපාරේ අද (02දා) උදෑසන කුඩා ලොරි රථයක් සහ ත්රිරෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්රීරෝද රථ රියදුරු රෝහල් ගතකල බව පානදුර දකුණ පොලීසිය පවසයි .
මෙහිදී රෝහල්ගත කර ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි පුද්ගලයකු බව සදහන් වේ.
කුඩා ලොරි රථය මොරටුව දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර , පානදුර මූලික රෝහල ඉදිරිපිටදී අතුරු මාර්ගයකින් ප්රධාන මාර්ගයට යොමුකල ත්රීරෝද රථයේ ගැටී ගාලුපාර මැද දූපත් කොටසේ යකඩ ආරක්ෂක වැට ගලාවාගෙන ගොස් නතර වී තිබූ අයුරු දැකගත හැකි විය.
අනතුරෙන් තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ,ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පැවසේ. අනතුරුව හේතුවෙන් ගාලු පාර මැද දූපත් කොටසේ ඇති ආරක්ෂක වැට දැඩිලෙස හානි සිදුව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය

