ගාලු පාරේ අහුන්ගල්ල නගර මධ්‍යයේ ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අහුන්ගල්ල පොලීසිය සඳහන් කරයි.
අද (15) අලුයම් කාලයේදී මුහුණට මුහුණ ගැටී එක අයෙකු මරුමුවට පත්වී තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව අහුන්ගල්ල පොලිසිය කියයි .
මේ අනතුරින් මියගොස් ඇත්තේ අනතුරට පත්වූ එක් ලොරි රථයක රියදුරු වන මාවනැල්ල අරනායක රසික මනෝජ් විජේසිරි නමැත්තකු බවද පොලිසිය කියයි.
එම ලොරි රථයේම රිය සහයකයා කරාපිටිය රෝහලේද අනෙක් ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයා බලපිටිය රෝහලේද ප්‍රතිකාර ලබන බවද සඳහන්.
ගාල්ල සිට කොළඹ දෙසට ධාවනයවූ ලොරි රථයක් හා කොළඹ සිට ගාල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇති බවද පොලිසිය කියයි .
මේ රිය අනතුරින් මිය ගිය තැනැත්තාගේ මරණ පරීක්ෂණය පි.සි.ආර්. පරීක්ෂණයකින් අනතුරුව පැවැත්වීමට නියමිත බවද පොලිසිය කියයි .
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසේකර මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති රම්‍යසිරි ද සිල්වා පොලිස් සැරයන් රත්නායක (37054 ) යන නිලධාරීහු මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති .
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

