ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය පුලච්චේන ප්‍රදේශයේ සිට ලුණුගම්වෙහෙර ට ලොරි රථයක රහසිගත ලෙසින් සගවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් අද (23දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ රුපියල් කෝටියකට ආසන්න වටිනානමකින් යුත් කේරළ ගංජා කිලෝ 45 යි ග්‍රෑම්ස් 280 ක ප්‍රමානයක් බව කියයි.
ලැබුන තොරතුරක් මත කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිළධාරින් හා තවත් නාවික හමුදා කණ්ඩායමක් එක්ව සිදුකල වැටලීමකදි මෙම ලොරි රථය හා 55 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අදාල කේරළ ගංජා තොගය කිසිදු ලෙසකින් සැක නොසිතන අයුරින් ලොරි රථයෙ තට්ටු වෙනස් කරමින් සැකසු ස්ථානයක රහසිත අයුරින් සගවා ප්‍රවාහන කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන තිබුනී.
අදාල කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී අයුරින් රැගෙන විත් කල්පිටිය පුලච්චේන ප්‍රදේශයෙ සගවා තබා පසුව මෙලෙස ලුණුගම්වෙහෙරට රැගෙන යාමට කටයුතු කරමින් තිබියදී අත් අඩංගුවට ගැනිම සිදුව තිබුනී.
අදාල කේරළ ගංජා තොගය පරික්ෂණ සදහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කාර්යාලයට භාර දී තිබු අතර පරික්ෂණ වලින් අනතුරුව මෙම කේරළ ගංජා තොගය නොරෝච්චෝල පොලිසියට භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකරු ලුණුගම්වෙහෙර පදිංචිකරුවකු වන අතර ඔහු අද (23දා) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
