ලොරිවලින් බිත්තර අලෙවිය අද සිට
බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.
ඒ බිත්තරයක මිල රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ කළේය.
ඒ අනුව අද (28) කොළඹ නගරය අවට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ 20ක් යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ නගරය අවට ස්ථාන වශයෙන් කොළඹ දුම්රිය ස්ථානය, දෙමට ගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනි සංස්ථාව අසල මංසන්ධිය, හෝමාගම, වැනි ජනාකීර්ණ නගරවල දී මෙම බිත්තර අලෙවි කෙරේ.
එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
