තියුණු ආයුධයක් පෙන්වා වෙන්නප්පුව උල්හිටියාව මාලු වෙළදපොලේ රථ ගාලේ නතර කර තිබු අධි ශිතාගාර සහිත ලොරියක් පැහැර ගැනිමට සැලසුම් කළ 26 හැවිරිදි තරුණියක්, ඇගේ මව ඇතුලු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
ගම්පහ නාරම්වල හා හොරතොට ප්රයදේශවල පදිංචි 26 හැවිරිදි තරුණියක්, 50 හැවිරිදි ඇයගේ මව හා 39 හැවිරිදි තවත් පුද්ගලයෙක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 29 දා පාන්දර 5.30ට පමණ වෙන්නප්පුව උල්හිටියාව ප්‍ර දේශයේ මාලු වෙළදපොල රථ ගාලේ නතර කර තිබු අධි ශිතාගාර සහිත ලොරියක් තිදෙනකු විසින් පැහැර ගෙන ගොස් තිබුණි.
පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වු පොලිස් කණ්ඩායමක් පැහැරගත් ලොරිය මිගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව 26 හැවිරිදි තරුණියක් හා ඇගේ මව අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් 50 හැවිරිදි කාත්තාව ලිසිං ක්‍රමයට ලොරිය ලබා ගෙන පසුව වෙන්නප්පුව ප්‍ර දේශයේ මාලු ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 18ක මුදලකට විකුණා ඉතිරි ලිසිං වාරික ගෙවන බවට ගිවිසුමක් ගෙන ලොරිය ලබාදි ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.
පසුව එම කාන්තාවගේ 26 හැවිරිදි දියණිය හා ඇගේ පෙම්වතා සමග අදාල ලොරිය පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසන්නේ. මේ අතර 50 හැවිරිදි මවද අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් අයකුද අත් අඩංගුවට ගැනිමට සිටින බවත් පොලිසිය සදහන් කරයි.
26 හැවිරිදි තරුනිය මිගහවත්ත ප්‍ර දේශයේ ඇගලුම් කර්මාන්ත ශාලා දෙකක අයිතිකාරියක් බවට අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.
වෙන්නප්පුව මුලස්ථාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක රනුක වික්රිමසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් පරික්ෂණ පැවැත්වුහ.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්
