ලොබි පුටු දෙකක් රු. 236000ට මිලට ගත් රාජ්‍ය ආයතනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල ප්‍රා දේශිය කාර්යාලය වෙත භාණ්ඩ සැපයිමේ දි කාර්යාලයේ අවශ්‍යතාවය සහ පිහිටිම හදුනාගැනිමකින් තොරව භාණ්ඩ හා උපකරණ සපයා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
උපකරණ ලබාදිම යටතේ ගාල්ල ප්‍රා දේශිය කාර්යාලය වෙත රුපියල් දෙලක්ෂ තිස්හයදහසක් (2.36000) ක් වටිනා ( Lobby Chair 02 ) පුටු දෙකක් ලබා දි තිබු අතර එම පුටු මාස හතරක් ගතවිමටද මත්තෙන් මළකඩ බැදි ඌන උපයෝජිතව පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම අවශ්‍යතාවය හදුනාගැනිමකින් තොරව සපයා තිබු (Web Cam) වෙබ් කැම් උපකරණ සහ 2TB දෘඩ තැටිය ප්‍ර යෝජනයට ගෙන නොතිබුණි.
අවශ්‍යතාවය හදුනාගෙන අවශ්‍ය අවස්ථාවේ දි යන්ත්‍ර හා උපකරණ ප්‍රාදේශිය කාර්යාලවලට ලබාදිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා මේ සම්බන්දයෙන් විගණනයට සදහන් කොට ඇත්තේ කාර්යාලීය අවශ්‍යතාවය අනුව මෙම භාණ්ඩ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මිලදිගෙන ඇති බවය. කාර්යාලය නවිකරණය විමත් සමග මෙම භාණ්ඩ ඉදිරියේ දි අවශ්‍ය වනු ඇති බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
රේඩාර් ව්‍යාපෘතියත් සමග කාර්යාලයේ යම් ඉඩකඩ සිමා විමක් සිදුවු බැවින් තාවකාලිකව විවේක කාමරය තුල තිබු පුටු භාවිතයට ගතබවත් ඉදිරියේ දි මෙම භාණ්ඩ භාවිතයට ගනු ලබන බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. සෑම කාලගුණ විද්‍යා කාර්යාලයකටම වෙබ් කැමරා සපයනු ලැබුවේ හදිසි අවස්ථාවකදි මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්විම් පැවැත්විම සදහා දෙපාර්තමේන්තු තිරණයකට අනුව බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

