ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
එප්පාවල කිරලෝගම කදුරුගස්වැව දික්වැවේ සති දෙකකට ආසන්න් කාළයක් රැදී සිට එප්පාවල රොටවැවට පැමිණ සිටි රෝගාතුර වූ අලි පැටවාට ප්‍රතිකාර කිරීමට ඊයේ පස්වරුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සහ උදේශිකා මධුවන්ති මෙනවියගේ අධීක්ෂණය යටතේ මෙම වන අලි පැටවා ආරක්ෂිතව පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී.
පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට රැගෙන ගොස් මූලික ප්‍රථිකාර සිදු කර, උඩවලව ඇත් අතුරු සෙවණ වෙත මෙම අලි පැටවා රැගෙන යාමට පියවර ගැනීමට නියමිතය.
මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මෙම අලි පැටවාට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ප්‍රචාරය වීමෙන් පසු පැය 24 ක් ගතවීමටත් මත්තෙන්, දින ගණනක් නිසි ප්රථිකාරයක් නොමැතිව සිටි මෙම අලි පැටවාට ප්‍රථිකාර කිරීමට හැකි විය.
වන අලින්ගෙන් කොතෙකුත් බැට කෑවද අලියෙකුට විපතක් වූ අවස්ථාවේ පිහිටට එන ගම්වැසියන් මෙහිදී සිහිපත් කළ යුතුය, දික්වැව ගම්මානයේදී කදුරුගස්වැව ගම්වැසියන්ද, රොටවැව ගම්මානයේදී එම ගම්වැසියන්ද අලි පැටවාට මහත් කරුණාවක් දැක්වීය.
අලි පැටවා ප්‍රථිකාර සඳහා ලොරි රථයට නංවන අවස්ථාවේදී ගම්වැසියකු කියා සිටියේ ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ යනුවෙනි..අලින්ට වෙඩි තියන අයෙක් දෙන්නෙක් ගමක සිටියද බොහෝ දෙනෙක් අලින්ට බොහෝ සේ ආදරය කරන බව මේ අවස්ථාවේදී දුටුවෙමි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

