ලිට්රෝ සමාගමට නව හිස් ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව වෑල්ව රහිත හිස් LPG සිලින්ඩර වර්ග හතරක් මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාතතුව අවම ලන්සුවක් ඉදිරිපත් කළ සහමිට් මෙටල් ප්‍රෙෂර් සමාගමට ලබාදීමට අදාළව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතය ලැබි තිබේ.
කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩර් 120 000
කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩර් 185 000
කිලෝ ග්රම් 12.5 සිලින්ඩර් 450 000
කිලෝ ග්‍රෑම් 37.5 සිලින්ඩර් 7000 ලබා ගැනීමට නියමිතය.