ලිට්රෝ සමාගම නව පාරිභෝගිකයන් වෙනුවෙන් නව ගෑස් සිලින්ඩර් ලබාදීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම මේ වන විට කහපාට ගෑස් සිලින්ඩර නිල්පාට ගෑස් සිලින්ඩර් බවට පත්කිරීම මේ වන විට සිදුවන බවත් එවැනි කටයුතු වලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.