ලිට්රෝ සමාගමේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් වූ විමර්ශන දීර්ඝ ලෙස ඉදිරියේදී අනාවරණය කරන බව කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා සඳහන් කර සිටියේ විගණකාධිපති වාර්තා සමග සම්බන්ධ වෙමින් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව හරහා එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මීට අමතරව ලිට්රෝ සමාගමේ ක්ෂණික මිලදී ගැනීම් සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය කෝප් කමිටුව ස්ථාපිත කිරීමෙන් පසු ඉදිරිපත් කරනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කර සිටියේ 'නිදහස ජනතා සභාව' විසින් නාවල, කොස්වත්තේදී ඊයේ (04දා) පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.