ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකෙරෙන බවත් වාර්තා වේ.
ගෘහස්ථ ගෑස් සැපයීම සඳහා එම සමාගම සතුව ගෑස් තොග නොමැති බවත් පවතින තොග වෙළෙඳ, රෝහල්, ආරක්ෂක අංශ සහ ආදාහනාගාර යන ප්රමුඛ අංශ වෙත පමණක් නිකුත් කරන බවත් වාර්තා වේ.