ලිට්රෝ ගෑස් මිල ඉහළට
(UPDATE) ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. මේ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම මිල ඉහළ දැමීමට සපේක්ෂව කිලෝග්රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 30 කින්ද, කිලෝග්රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 15 කින් ද ඉහළ යනු ඇත.
රුපියල් 1720 ක්ව පැවැති කිලෝග්රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1750 ක් දක්වාද, රුපියල් 800 ක්ව පැවැති කිලෝග්රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 815 ක් දක්වා ද ඉහළ යනු ඇත.
ලිට්රෝ ගෑස් මිල අද දිනයේදී යළි ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි. ගෑස් මිල සූත්රය අනුව මෙම මිල ඉහළ දැමීම සිදුවන බව වාර්තා වෙයි.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදල කින් ඉහළ යාමට නියමිත බව වාර්තා වෙයි. මීට සමගාමීව කිලෝග්රෑම් පහ හා කිලෝ ග්රෑම් 2.5ක ගෑස් සිලින්ඩරවල මිලද ඉහළ යාමට නියමිත බව වාර්තා වෙයි.
popular news
-
Demuni Uduwara Sunday, 06 November 2022 09:17 AM
What did Muditha Peiris utter before ?
Reply : 0 0
LGPJ Monday, 07 November 2022 03:42 PM
So called gas will be imported from the moon by present chairman !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
