රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක උපාංග අලෙවි මධ්‍යස්ථාන වලට ඇතුළු වී රුපියල් කෝටියකට ආසන්න වටිනා දේපල සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් පාමංකඩ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
එම සැකකරුවන් සමඟ ලැප්ටොප් පරිගණක 15 ක්, ඩ්‍රෝන කැමරාවක්, ස්මාර්ට් ජංගම දුරකතන 6 ක් , ස්මාර්ට් අත් ඔරලෝසු 4ක් හා, ජංගම දුරකතන බැටරිය ආරෝපණය යන්ත්‍රයක්, සැකකරුවන්ගේ ප්‍රකාශ මත පොලිසිය මඟින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රාත්‍රී කාලයේ දී මිරිහාන ,මහරගම , කොහුවල හා නාරහෙන්පිට ප්‍ර දේශ වල පිහිටා තිබෙන ජංගම දුරකථන අලෙවිසැල් සහ ලැප්ටොප් පරිගණක අලෙවි සැල් වලට ඇතුළු වී සොරකම් සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා සොරාගත් දේපල බම්බලපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් වලට විකුණා තිබියදී පොලිසිය භාරයට ගෙන තිබේ.
එම මුදල් වලින් මෙම සැකකරුවන් දෙදෙනා හෙරයින් මත්කුඩු මිලදී ගෙන පානය කර ඇතැයි ද පොලිස් නිලධාරියකු පැවැසීය.
වයස අවුරුදු 22 හා 27 අතර පසුවන සැකකරුවන් දෙදෙනා වැල්ලවත්ත පාමංකඩ පදිංචිකරුවන් වේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
