ලස්සන දවටනයක ඔතන ලද වස ගුලිය ගැන අනුර කියයි
මැතිවරණ වියදම් සීමා කිරීමට ගෙන ආ පනත ලස්සන දවටනයක ඔතන ලද වස ගුලියක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
"ආණ්ඩුවට මේ අවුරුද්දේ රුපියල් බිලියන 3000ක ආදායමක් ලැබුණත් දවසක ආදායම රුපියල් බිලියන 7ක් විතර වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කරලා තියෙන්නේ ඡන්දෙට යන්නේ බිලියන 7ක් විතර කියලා.
රුපියල් බිලියන 10ක් හොයා ගන්න බැරිතරමට මේ රට බංකොලොත් කළා නම් මේ අය ගෙදර යන්න ඕන. මිනිස්සුට කොහොමද කන්න දෙන්නේ, බෙහෙත් දෙන්නේ.
භාණ්ඩාගාරයේ ධනය ගෙවල්වලට ඇඳලා පොදි බැඳගෙන ඉන්නවා. ඒ නිසාම තමයි ඡන්දය ඕන. ජනවරමක් නැති කට්ටිය කොහොමද බලයේ ඉන්නේ.
අපි කියන්නේ සල්ලි හින්දපු නිසාම තමයි ඡන්දය ඕන. මේ පනත මේ මැතිවරණයට බලපාන්නේ නැතිව සම්මත කරනවානම් අපි සහාය දෙනවා.
මේ පනතට හරි ලස්සන දවටනයක් ගෙනාවා. දවටනය හොඳයි අරමුණ වස ගුලියක්. ඉතා හොඳ දවටනයක ඔතන ලද වස ගුලියක් මේ පනත"
popular news
-
Hubert Friday, 20 January 2023 04:16 AM
Those low-IQ politicians must read these comments Law will be effective from the day 1 no exemptions when results come all idiots must realise
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

