ලාල්කාන්තට ඇප ලැබේ
බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනිම වෙනුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද(7) දිනයේදි මෝසමක් ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පැදවු කැබි රථයක් පසුගිය 1දා අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදි යතුරුපැදියක ගැටිමෙන් එම යකුරුපැදියේ ගමන් කළ කාන්තාවක් ඉදිරිපිටදි යතුරුපැදිය ගැටිමෙන් එම යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇගේ ඥාති දියණියක්ද සුළු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අතුළත් කෙරිණි.
අනතුර සිදු කළ හිටපු මන්ත්‍රීවරයා අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු අනතුර සිදු වන අවස්ථාවේදි බිමතින් සිටි බවට වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබිණි.
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා අධිකරණයටඉදිරිපත් කිරිමෙන් පසු එළැඹෙන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුරය වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය නියෝගය නිකුත්කරනු ලැබුවද දින 6ක් රක්ෂිතබන්ධනාගාරගතව සිටි ලාල් කාන්ත මහතාට ඇප ලබා ගැනිම සඳහා අද (7) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ ඇප මත මුදා හැරිණි.

popular news
-
Champa Thursday, 07 March 2019 04:17 PM
බීල වාහනය පදවල වෙන වාහන තුනකුත් හප්පලා කාන්තාවකුත් මරල පලා යන්න හදපු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්ට ඒ වෙලාවෙම ඇප දීල ගෙදර යවල තිබුන. අවුරුදු 16ක කිරිදරුවෙක් දේවාලේ තියාගෙන උදේ ඉදන් හවස් වෙනකම් අතවර කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණේ ප්‍රසිද්ධ දේවාල පළාත් සභා මන්ත්‍රී එදාම ගෙදර ගියා. තව රෝගී කාන්තාවකට අතවර කරපු වෛද්‍යවරයෙකුත් නිකම් ගෙදර ගියා. තව නීතිඥවරියක් මාර්ග නීතිය කඩල උසාවි දැම්මහම දඩයක්වත් නැතුව නිදහස් කරලා යවල තිබුන. සාමාන්‍ය මිනිස්සු මේ වගේ වැරදි කරහම ලැබෙන දඬුවම මොකක්ද? සිද්දික් කියන ලොකුම ලොකු කුඩු රජාට ඇප දීල ගෙදර යවල වෙන කුඩ්ඩෙකුට මරණ දඬුවම දීල තිබුන. හමුදාවේ 8ක් මරපු ත්රස්තවාදියාට අවුරුදු 5 ක සිරදඬුවමක් විතරක් දීල, නිවාඩු දුන්නේ නැති නිසා කේන්ති ගිහින් වෙඩි තියල මාණ්ඩලික ප්‍රධානියාව මරපු හමුදා භටයට මරණ දඬුවම දුන්න. තව ඕනේ තරම් තියෙනව කියන්න. ඇප දෙන්නේ පොලිසිය විරුද්ධ නැති නිසා. විරුද්ධ වෙන්න බැරි එක්කෝ නීතිපති දෙපාර්තුමේන්තුව ඇඟිලි ගහනවා. නැත්නම් දේශපාලකයෝ ඇඟිලි ගහනව. සල්ලි තියෙනව නම් හෝ සමාජයේ ඉහල කියලා සලකන රැකියාවක් කරනවා නම් හෝ ත්‍රස්තවාදියෙක් නම් දඬුවම් ලිහිල්. න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
