ලයිටර් බද්ද රු. 48.50 කින් අඩු කිරිමෙන් ගිනි පෙට්ටි කර්මාන්තය අනතුරේ
විදේශයන්හි නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ගෑස් ලයිටර් මහා පරිමාණයෙන් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන ලක්ෂයකට අධික සේවකයන්ගේ රැකියා ඉතාමත් අවදානම් තත්ත්වයට පත්වී ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාජන් මහතාා කියයි.
කුණ්ඩසාලය ප්‍රදේශයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම ගෑස් ලයිටර් ආනයනය හේතුවෙන් ගිනිපෙට්ටි නිෂ්පාදනය 60% සිට 70% දක්වා පහළ වැටි ඇති බවත් මෙම ප්ලාස්ටික් ගෑස් ලයිටර් දිනකට ලක්ෂයක් පමණ පරිසරයට මුදා හැරීම හේතුවෙන් විශාල පරිසර හානියක් ද සිදු වෙමින් පවතින බවයි.
මෙම ගෑස් ලයිටර් ආනයනය කිරීමේදී එක් ලයිටරයකට රුපියල් 50 ක බද්දක් පනවා තිබුනත් පසුගිය ආණ්ඩු සමයේදී එක්තරා අමාත්‍යවරයකු එය රුපියල් 1.50 දක්වා පහත දමා ඇති බවයි.
තම ගිනිපෙට්ටි සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සහතික ලබාගෙන නියමිත බදුද ගෙවා එම නිෂ්පාදන වෙළඳපළට ගෙන ආවත් මෙම ගෑස් ලයිටර් සඳහා කිසිදු ආකාරයක ප්‍රමිති සහතිකයක් හෝ බදු ගෙවීමක් සිදු නොකරන බවද රාජන් මහතා අවධාරණය කළේය.
පවතින මෙම තත්ත්වය හමුවේ තම කර්මාන්තශාලා වසා දමා මිනිපෙට්ටි කර්මාන්තයේ යෙදෙන ලක්ෂ ගණනක් වූ සේවකයන්ගේ රැකියා අහිමි කිරීමට සිදුව තිබෙන බවත් පවතින මෙම බරපතල තත්වය රජය තේරුම් ගෙන ඊට නිසි පිළියම් යෙදීමට පියවර ගතයුතුව තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.
මෙම අවස්ථාවලට ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා හිමියන් නියෝජනය කරමින් එම සංගමයේ ලේකම් සාතීර් අලි, භාණ්ඩාගාරික මොහොමඩ් උම්මාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.ෙ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

