ආරක්ෂිත පක්ෂින් ලෙස සැලකෙන ලබු ගිරවුන් සහ කොණ්ඩ කුරුල්ලන් ළග තබා ගත් තිදෙනෙකු ඊයේ (20දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලය පවසයි.
වනජිවි නිලධාරින්ට ලද තොරතුරු අනුව මාතලේ ඇම්.සි පාර සහ රජ්ජම්මන ප්රදේශවලදි රජ්ජම්මන වන ජිවි කාර්යාලවල නිලධාරින් විසින් මෙම වැටලිම කිරිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ලබු ගිරවුන් දෙදෙනා මාතලේ ඇම්.සි පාර ප්රදේශයේදි සහ කොණ්ඩකුරුල්ලා රජ්ජම්මන ප්රදේශයේදි නිවෙස් වල සිටියදි සොයාගත් බවත් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් මෙසේ සතුන් පිඩාවට පත් වන ආකාරයෙන් සිටි බවද නිලධාරින් පවසයි.
සැකකරුවන් මාතලේ මහේස්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ මහේෂ් කිර්තිරත්න
