පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම 2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විමට හෝ ඉගෙනුම් කි‍්‍රයාරකම් සිදුකිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එළැඹෙන සතියේ පාසල් කටයුතු සිදුකරන ආකරය පිළිබඳව අධ්‍යාපන අමාතයාංශයේ පැවැති සාකච්ඡාවකදි මෙම තිරණය ගෙන තිබේ.
එසේ වුවද ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවල ද පාසල් පැවැත්විය හැකි බව අමාත්‍යාංශය පවසයි.
මෙහිදී පාසල් තුළ පවතින තත්වයන් සලකා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලී කාල සටහනක් සකස් කළ හැකි බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පළාත් ප්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන්වූ පෞද්ගලික බස් රථ පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවන අතර සාමාන්‍ය බස් ගාස්තුව ගෙවා ගුරුවරුන්ට සහ සිසුන්ට එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකිය.