ජපානයට අද සිදු වූ රිච්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවට සමාන භූමිකම්පා ඉදිරි සතිය තුළ ඇති විය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවයි. ප්‍රධාන භූමිකම්පාවකින් පසු මෙවැනි අනතුරු ඇඟවීම් සම්මත ක්‍රියා පටිපාටියකි.
මෙම සතිය අගදී නායයෑම් හෝ ඒ හා සමාන භූමිකම්පා සඳහා විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා ඒජන්සිය පැවැසිය.ඒසේම අද දින ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් නිර්මාණය වන පළමු රැල්ලෙන් පසුව ඊටත් වඩා විශාල සුනාමි රළක් ඉන් අනතුරුව ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.