2024 වසරේ ජනවාරි මාසයේදී යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පුරෝකතන වෙනස්විම හා අඛණ්ඩව වර්ෂාව ලැබිම හේතුවෙන් මෙම සහනය ලබාදීමට හැකියාව ඇති බව ඔහු පැවැසීය. මේ වන විට ජල විදුලිය උපරිමයෙන්ම නිෂ්පාදනය වන බවත් ඒ අනුව පිරිවැය අඩුවීමේ වාසිය ජනතාව
ඔහු පවසන්නේ මේ වන විට ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.
පහුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට අඛණ්ඩව වැසි ලැබීමේ තත්ත්වයක් පවතින බවත් ඒ අනුව ගල් අඟුරු බලාගාර, දැවිතෙල්, ඩීසල් බලාගාර වලින් විදුලි උත්පාදනය කිරීම නවතා දැමීමට හැකියාව ලැබි ඇති බවත් ඔහු පැවැසීය.
ලබන වසරේ අප්‍රේල් මාසයේ මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරිමට නියමිතව තිබුණත් පුරෝකතන වෙනස්විම හේතුවෙන් ලබන වසර මුලදී විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමට රජය තීරණයක් ගත් බවද ඔහු පැවැසීය.