ලබන වසරේදී ට්‍රිලියන 3ක ණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ලබන අයවැයෙන් අලුත් බදු පනවා නොටිසීමට හැකි සියලු පියවර ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවැසීය.
"ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛණයෙන් අපේක්ෂා කළ ආදායමට වඩා වැඩි ආදායමක් අපි මේ වසරේදී උපයා ගන්නවා. ඒ්ත් මුළු වැය ශීර්ෂයටම ප්‍රමාණවත් නෑ. ලබන වසරේදී අපි අපේක්ෂා කරනවා ට්රිලායන තුනක ණයක් ගන්න අපේක්ෂා කරනවා.
දැනට ගත්තොත් රාජ්‍ය ආදායමෙන් සියයට 90ක් ණය ඒක වැරදී නෑ. හැබැයි බදු ටිකක් බරයි කියා විවේචනයක් ඒල්ල වී තිබෙනවා. බදු ටිකක් බර ඇයි. ඒළියේ ආර්ථිකය කුඩා නිසා බදු ටිකක් ඒකතු කර ගන්න වෙලා තිබෙනවා. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සියයට 18ක් බදු ගෙවනවා. ඒ්ක සාධාරණ නෑ.
අපි මෙවර අයවැයෙන් කිසිම අලුත් බද්දක් පනවන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වන බව අපි පැහැදිලි කර පෙන්වා තිබෙනවා. මේක අවුරුද්දෙන් ඉවර වෙන්නේ නෑ"