ලන්ඩන් හි ශ්රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමට ශ්රී ලන්කන් ගුවන් යානයක් යයි
එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම ගුවන් යානය අද දින අලුයම 12.51 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ .
ඒ අතර ඊයේ (4) දින ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබූ ශ්රී ලන්කන් ගුවන් යානය , භාණ්ඩ තොගයක් රැගෙන අද (5) දින අලුයම 3.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද (5) දින ලන්ඩන් බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් යානය මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් රැගෙන පිටත්ව ගොස් තිබූ අතර , මෙම ගුවන් යානය උදෑසන 7.13 ට ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
මෙම ගුවන් යානය ශ්රී ලාංකික සිසුන් රැගෙන ආපසු හෙට (6) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

