ලඩියාට අයත් ලක්ෂ 250 වටිනා බස් රථ දෙකක් පොලිස් භාරයට
ඉන්දියාවට පලා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නලින් චතුරංග නොහොත් ලඩියා නැමැත්තාට අයත් පියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස්රථ දෙකක් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ බස් රථ දෙකට තහනම් නියෝගය ලබා ගත් බව පොලිසිය කියයි
සමයන් නැමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා කළුතර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන සැකකරුවන ලඩියා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හෝමාගම සහ අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් දෙදෙනකුගේ නමින් 2019 වසරේදී ආසන 29 බැගින් වූ මෙම බස් රථ දෙක මිලදීගෙන විදේශිකයන් ප්‍රවාහනය කරන සංචාරක සේවා සඳහා යොදවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ලඩියා නැමැත්තාට අයත් තවත් සුඛෝභෝගී බස් රථයක් අතුරුගිරිය පොලිසිය මගින් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
