ලග්ගල හරිත නගරයේ කැලිකසල වතුර වළකට යාමෙන් දැඩි ගැටලුකාරි තත්ත්වයක්
දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැලිකසල නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වලකට මුදාහැරීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්රදේශවාසිහු පෙන්වා දෙති.
ලග්ගල ප්‍රාදේශිය සභාවේ පිරිසුදුකරන්නන්ට ජනතාව වෙන් කොට දමා ඇති පොලීතින් දිරන හා නොදිරන ද්‍රව්‍ය ටැක්ටර් රථයකට වෙනම ලබාගෙන මහවැලි අධිකාරිය මගින් වෙන්කොට ලබාදී ඇති ඉඩමකට සියල්ල එකට දමා තිබෙන බව ප්රදේශවාසිහු පෙන්වා දෙති.
මෙම කසල බැහැර කිරිම හේතුවෙන් දුර්ගන්ධයක් මැසි මදුරු කරදරයක් මෙන්ම කුඩා කෘමීන් බෝවීම හේතුවෙන් ප්‍රදේශයේ දරුවන් රැසකට චර්ම රෝග ඇතිවන බවද ප්රදේශවාසිහු පෙන්වා දෙති.
එමෙන්ම මෙම කසළ ආහාරයට ගැනිම සඳහා අලි වැට කඩාගෙන වනඅලින් ගම්වැදීම නිරන්තරයෙන් සිදුවන බවද ප්රදේශවාසිහු පෙන්වා දෙති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලග්ගල නව නගරය විවෘත කිරීමත් සමඟ මෙය දිවයිනේ හරිත නගරය ලෙස නම් කරනු ලැබීය.
නව ලග්ගල නගරයට පිවිසෙන පාලම අසල ඔබ මේ පැමිණෙන්නේ දිවයිනේ හරිත නගරයට යන්න දැන්වීම් පුවරු පවා සවිකොට තිබේ.
එහෙත් ලග්ගල ප්‍රාදේශිය සභාවෙන් ඉවත් කරන කැලිකසල කිසිදු කළමනාකරණයකට ලක් නොකොට ජනතාව පදිංචි වී සිටින ප්‍රදේශවල ඉහළ කොටසේ වලක් හාරා එළිමහනේ යොදා තිබෙන බවත් මේ දිනවල පවතින වර්ෂාවත් සමග එම වල ජලය පිරි දැඩි අපිරිසිදු තත්ත්වයට පත්ව ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම කසළ බැහැර කරන ස්ථානයට ආසන්නයේ පිහිටි වැවකින් නැවත පදිංචි කරවූ ලග්ගල ජනතාවට මහවැලි අධිකාරිය මගින් ජලය බෙදාහැරීම සිදු කරන බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
ලග්ගල ප්‍රදේශයේ ජනතාව නගන මෙම පරිසර චෝදනාව පිළිබඳව ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතාගෙන් විමසිමේදී කියා සිටියේ තම සේවකයන් කසල එකතු කිරිමේදි වෙන වෙනම දීරන හා නොදිරන ද්‍රව්‍ය වශයෙන් එකතු කරන බවය. කිසිම ආකාරයෙන් වෙන් නොකොට මුදා හැරීමක් සිදු නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මහවැලි අධිකාරිය මගින් ඉඩමක් වෙන් කර දී තිබෙන බවද ඉදිරියේදී ප්‍රවාහන සඳහා වාහන ලැබුණහොත් දඹුල්ල ප්‍රදේශයේ කසල අංගණයට මෙම කසළ රැගෙන යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 17 October 2019 09:45 PM
යකාගේ හරිත නගරේ. කුණු දාන්නේ උස බිමක වලකලු. කුණු කවුද උඩ දාන්නේ? වැස්සට පහලට එන බව දන්නේ නැත්ද? කුණු දාන තැන තියෙන වැවෙන්ලු මිනිස්සුන්ට වතුර දෙන්නෙත්. අනේද කියන්නේ. දේශපාලකයෝ ලකුණු දාගන්න එක එක ඒවා හදන්නේ කිසි සැලැස්මක් නැතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
