ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි
දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.
සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළිවිනැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතී. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කෙරිණ.
“ලෝක ළමා දිනය” සැමරෙන ඔක්තෝම්බර් 01 වනදායින් “කියවිමේ මාසය” ද ඇරඹේ. අනාගත පරපුර පොත පතට නැඹුරු කරවීම ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් අද (01) පෙරවරුවේ පාසල් 05ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපති පුස්තකාල පරිත්‍යාග කළේය.
පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.
ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ. අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ.
දරුවන් සමග පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කළේය.




popular news
-
69lakshen ekek Friday, 02 October 2020 05:40 AM
Lanunta COVID mukawadam aniwaryayi. habayi maha ekata ekema ewa aththeth naha. Wate inna niladareenta aththeth naha. Kakulu niyaya thama. Mun meda ban ape rata hadanna, neethiya kelin karanna ena un.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

