ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට සම්මාන දෙකක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් විශේෂ සම්මාන දෙකක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත වෙත ප්රදානය කිරීම අද දින (10) සිදු විය.
තායිලන්තයේ බැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (09) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරයේ දෙවන දින වන අද දින එම විශේෂ සම්මාන දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්රදානය කිරිම අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ දී සිදු විය.
මව ගර්භනී සමයේ දී එච්.අයි.වී. ආසාදනයට ලක්වී තිබිණි නම් තම දරුවාට ආසාදනය බෝවීමේ හැකියාව පවතින අතර, මෙරට සෞඛ්‍ය අංශ විසින් එසේ මවගෙන් දරුවාට එච්.අයි.වී ආසාදනය වැළැක්වීම සදහා පියවර රැසක් ගෙන තිබුනි.
එමෙන්ම 1996 වසරේ දී ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන සදහා රුබෙල්ලා එන්නත හදුන්වා දෙන ලද අතර, එහිදී වයස අවුරුදු 11-44 අතර කාන්තාවන් සහ වයස අවුරුදු 11-15 අතර ගැහැණු දරුවන්ට ද, පාසල් මට්ටමින් ද, අනෙක් වයස් කාණ්ඩ සදහා ප්‍රතිශක්තීකරණ සායන හරහා ද එම එන්නත ලබාදෙනු ලැබිනි.
2020 වනවිට රුබෙල්ලා වෛරසය ලංකාවෙන් තුරන් කිරීම සදහා වූ කඩිනම් ඉළක්කගත සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ලද අතර, එම සැලැස්ම සියයට සියයක්ම සාර්ථක විය. මෙම ක්‍රියාන්විතයන් පිළිබද අවධානය යොමු කළ ලෝක සෞඛ්‍ය සංවිධානය අද දින දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරයේ දී මෙම විශේෂිත වූ සම්මාන දෙක ශ්‍රී ලංකාවට පිරිනැමීම සිදු කරන ලදි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරය සදහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු කලාපීය රටවල් 11 ක අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් සහභාගී වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

popular news
-
Kumar Thursday, 10 September 2020 08:59 PM
What is the use of printed card board. What Sri Lanka need is a real printed check with real money.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

