ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික කම්කරු සංගමයට සහ කම්කරු ජාතික පෙරමුණට අද (10) එක් විණ.
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්විම සදහා සහ වතුකරයේ ජනතාවට අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සිදු කරන සංවර්ධන කටයුතු වලට සහයෝගය දැක්විම සදහා ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් වන එම්.මල්ර්වාසගම් , නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සහ එස්.විරාසාමි යන මහතුන් අද (10) කඳුරට සංවර්ධන අමාත්‍යාංශයේදි අමාත්‍ය පලනි දිගම්බරම් මහතා හමු වි සංගමයේ සමාජිකත්වය ලබාගත්හ.
