මෙරට කාන්තාවන් 12දෙනෙකු සංචාරක වීසා මත ගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා ඕමානයේ පැවති උත්සවයකදී ප්‍රසිද්දියේ වෙන්දේසි කර තිබෙන බවත්, මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (17දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම කරැණ පිළිබද විශය භාර ඇමතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට තමා කටයුතු කරන බවත්, ඒ අනුව ගනු ලබන පියවර පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.