ලක්ෂ 67ක රන් ඇමෙරිකාවට රැගෙන යන්න බැරිවෙයි
රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් තුනක් රේගුවට ප්රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට රැගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ඇමෙරිකානු ජාතිකයෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
42 හැවිරිදි මොහු ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි එරට වාසය කරන ශ්රී ලාංකිකයෙකි.ඔහු උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ ග්රෑම් 300 ක් බරැති මෙම රන් බිස්කට් තුන සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
popular news
-
චතුරි Sunday, 04 September 2022 08:03 PM
මෙ විදියටම රේගුව රාජපක්ශවරුන්ගෙත් කඩමලු පරික්ශා කෙරුවානම්. රටෙ ඩොල්ලර්. තියා ගන්න තිබුනා. ගොටා කොයිතරම් මුදල් ගොඩක් අරන් ගිහින් නැති නාස්ති කරලෆ්හ ආවෙ. මෙ කතා ඇවිත්. බොරු සෙවල. ලෝක හොරාට යන්න දිලා. පොඩි මිනිහ පස්සෙ දුවනව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

