රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති " හරිත මාවත ''( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග 09/24 දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනාම කොළඹ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
මොවුන් 09/24 දින අලුයම 04.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අතිනවීනතම ජංගම දුරකථන 559 ක් සහ ටැබ් පරිගණක 80 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති
.