මොරගහහේන ඔලබොඩුව කුඹුක වත්ත ප්රදේශයේ සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
සැකකරුවන් සමග කේරල ගංජා කිලෝ එකහමාරක් පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන් රෝහණ මහතාට ලද තොරතුරක් අනුව මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති තුසිත වික්රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීම් වල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ නිවසක් වටලා ගංජා කිලෝ එකක් සහ අනෙක් සැකකරු ගංජා කුඩා පැකට් සාදා අලෙවි කරමින් සිටියදී දී අත්අඩංගුවට ගෙන ඔහු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ ගංජා ග්රෑම් 500 ක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව වැටලීම සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එකම ජාවාරම් කරුගේ ගෝලයන් බවත් ගංජා ග්රෑම් සීයය වශයෙන් සකස් කර රුපියල් 60,000 ට මිල කටත් කුඩා ගංජා පැකට්ටුවක් රුපියල් 1000 මිලකට මෙම සැකකරුවන් විසින් ජාවාරම් කරුගේ උපදෙස් මත අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිදුකළ වැටලීමත් සමගම මෙම සැකකරුවන් දෙදෙනා පලා යාමට දැඩි උත්සාහයක් ගත් බවත් ඒ හේතුවෙන් දැඩි පරිශ්රමයක් දරා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවත් වැටලීම සිදු කළ පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවසීය .