රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා " හෂීෂ්" මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , 10/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් , 22 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු සහ 33 හැවිරිදි වියේ පසුවන තායිලන්ත ජාතික රියැදුරුවරුන් තිදෙනෙකි. ඔවුන් 10/15 දින අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , රූපලාවන්ය ආලේපන අඩංගු බදුන් තුළ , සූක්ෂම ලෙස අසුරා , මෙම " හෂීෂ්" මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 096 ක ප්රමාණය සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ " හෂීෂ්" මත්ද්රව්ය තොගය 10/15 දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

