රුපියල් ලක්ෂ 50කට ආසන්න මත්කුඩු තොගයක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු රත්මලාන මහින්දාරාම පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 300 හා සුඛෝපභෝගී මෝටර් රථය පොලිසිය භාරයට ගෙන ඇත.ගල්කිස්ස ධර්මාරාම පාර තාවකාලිකව පදිංචි සැකකරු තිස්සමහාරාම ස්ථිර පදිංචි පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු මනුෂ්‍ය ඝාතනය ක සැකකරුවකු වන බව පොලිසිය කියයි. 33 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
