රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 05/10 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන , අලෙවි සහායකවරයෙකු ලෙස කටයුතු කරන්නෙකි .
ඔහු 05/10 දින අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ " චොකලට් " ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15 ක් තුළ , මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 778 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .
මොහු 05/10 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රැදවුම් නියෝග ලබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය .
