ලක්ෂ 45ක ගංජා කුඩු සුඛෝපභෝගි නිවසකින් සොයා ගනියි
- 20 05 2020
- 18:26
- {{hitsCtrl.values.hits}} views
- ..
රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්රෑම් හැටක් සහ ග්රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු වීරකැටිය බැඳිගම ප්රදේශයේ පදිංචි අයකු බව පොලීසිය පවසයි.
වීරකැටිය බැදිගම ප්රදේශයේ සුඛෝපබෝගී දෙමහල් නිවෙසක කාලයක සිට මෙම ගංජා ඡාවාරම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
අනිෂා මානගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
