ලක්ෂ 429ක හෂීස් අත්අඩංගුවට
රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී එම නිලධාරීන් පිරිසක් විසින් 10/03 දින දහවල් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 05 ක් ලෙස සකස් කර ඉතාලියේ සිට ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි. පසුව මෙම සැක කටයුතු පාර්සල් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනය වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීම සිදු කර තිබේ.
මෙම පාර්සල් නිවෙස වෙතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කර දෙන ආයතනයක් වෙත ලැබී තිබූ ඒවා වේ. මෙම පාර්සල් භාර දිය යුතු ලිපිනයන් නොමැති අතර ඒ සදහා ඇත්තේ එම පාර්සල් හිමිකරුවන්ගේ දුරකථන අංක පමණි .
මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

