ලක්ෂ 319ක ස්වර්ණාභරණ කටුනායකදී අත්අඩංගුවට
රුපියල් තුන් කෝටි දහනම ලක්ෂ හැත්තෑපන් දහස් එකසිය අසූවක් (3,19,75,180 ) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගීන් 14 දෙනෙකු ඊයේ (31දා) දින රාත්රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අවුරුදු 30 ත් 50 ත් අතර වයස් වල පසුවන , කොළඹ සහ ඒ අවට තදාසන්න ප්රදේශවල පදිංචි සිටින , ගුවන් මගින් කුළී පදනම මත ඉන්දියාවට ගොස් මෙරටට භාණ්ඩ රැගෙන එන්නන් පිරිසකි.
ඔවුන් 10/31 දින රාත්රී 7.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් ගෙනැවිත් තිබූ රෙදි තොග අතර සහ ඔවුන් හැද සිටි ඇදුම් වල තිබූ සාක්කු වල මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
ඒ අතර මාල , මුදු , කරාබු සහ වළලු තිබූ අතර , ඒවායේ කිලෝ ග්රෑම් 04 යි ග්රෑම් 700 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබී ඇත.
කටුනායක ටී.කේ.ජී.කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

