ලක්ෂ 270ක රන් බිස්කට් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු ඊයේ (27දා) දින කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මොහු 42 හැවිරිදි වත්තල , මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු 08/27 දින සවස 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් ලෝහ අනාවරක ( Metal Detector ) යොදා ගනිමින් පරීක්ෂා කළ අතර එහිදී ඒවා තුළ සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 314 ක් බරැති රන් බිස්කට් 14 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
පසුව මෙම ව්‍යාපාරිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී ඔහු 08/31 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

