2025.05.03 වන දින සපුගස්කන්ද පොලිස් වසමේදී අවි පෙන්වා බියවද්දා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශ්ශනරම්භ කර තිබුණි. ඒ අනුව 2025.05.14 වන දින විමර්ශන නිලධාරින් විසින් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු වයස අවුරුදු 44 ක් වන කහතුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීමේදී කොල්ලකන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් රුපියල් 1,345,000/= ක මුදලක්, අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන 02 ක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.