ලක්ෂ 20 කට අධික වටිනා මත්ද්‍රව්‍ය බෝතල් 6 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
තලංගම පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගංජා හෙවත් කැනබි සැටීවා ද්‍රාවණයක් ලෙස සකස් හෑශ් ඔයිල් නමින් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයෙක් එම බෝතල් හයක් සමඟ රාත්‍රි 20 තලංගම පැලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ඒ කේ පීරිස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව මෙම සිදු කළ බව පොලිසිය කියයි
එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බවත් ගංජා ග්‍රෑම් 609 ප්‍රමාණයක් ද්‍රාවණයක් ලෙස සකස් කර ' හෑශ් ඔයිල්' මත්ද්‍රව්‍ය නමින් ජාවාරම සිදු කරන බවත් වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකරු වයස අවුරුදු 35 ක ජයවඩනගම වික්‍රමසිංහ පුර බත්තරමුල්ල පදිංචි කරුවෙකි
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිසිය වෙත භාරදී ඇත
පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි යෝජ්‍ය පොලිස්පති වර්ණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
