දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අසල සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 100 මිලිගෑම් 630 පොලීසිය බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙරට සංවිධානාත්මක ආපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු විසි එකක් වන සැකකරු දෙමටගොඩ කැළණිවැලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
