ලක්ෂ 170ක කොකේන් සමග මැසිඩෝවනියානුවෙක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙකු අද (13දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
මොහු මෙම කොකේන් තොගය රැගෙන බ්‍රසීලයේ සිට ගමන් ආරම්භ කර, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ. එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් 03/13 දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ " සුප් " පැකට් 15 ක් බැගින් අඩංගු පෙට්ටි 08 ක් තිබූ අතර , එයින් පෙට්ටි 04 ක් තුළ " සුප් " පැකට් 15 බැගින් වූ පැකට් අතර , එක් පැකැට්ටුවක කොකේන් මත්ද්‍රව්‍ය අසුරා මෙම කොකේන් තොගය ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන තිබුණි එසේ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු " සුප් " පැකැට්ටුව ඇති පෙට්ටිය නිවැරැදිව සහ පහසුවෙන් හදුනා ගැනීම සදහා ඔහු එම පෙට්ටි තුළට මැසිඩෝනියානු කාසියක් දමා තිබුණි .
එසේම මෙම මැසිඩෝනියානු ජාතිකයා තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උසස් නිලධාරීවරයෙකු හැගවීම සදහා වූ හැදුනුම්පතක් තිබූ අතර, එය රේගු නිලධාරීන් නොමග යැවීම සදහා යොදා ගත් ව්‍යාජ එකක් බව රේගු නිලධාරීන් මූලික විමර්ශන වලදීම අනාවරණය කර ගෙන තිබුණි .
එමෙන්ම මෙතරම් දුර ගෙවා , මෙවැනි කුඩා කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන එන්නට හේතුව මොහු පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණ , අත්හදා බැලීමට විය හැකි බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහළ කරති .
මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ මැසිඩෝනියානු ජාතිකයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
